Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් බොලිවුඩ් සහ ඉන්දීය ක්‍රිකට් ගැන උද්දාමයට පත්වෙයි (Photos)  

Add comments

ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර ද්විපාර්ශ්වීය සබදතා තරකරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද සිය ඉන්දීය සංචාරය ආරම්භ කළා.

සිය දෙදින නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකා දූත පිරිස අහමදාබාද් වෙත අද උදෑසන පැමිණියා. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැමිණ සිටි පිරිස මහත් හරසරින් පිළිගත්තා. මේ සදහා සංස්කෘතිකාංග රැසක් ද සංවිධාන කර තිබුණා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය නිල සංචාරය මෙයයි. ඒ ඇමෙරිකා ජනාධිපතිවරයෙකු ඉන්දියාවට පැමිණි 8 වන අවස්ථාව සනිටුහන් කරමින්. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටේරා ක්‍රීඩාංගණයේදී ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූවා. එය නමස්තේ ට්‍රම්ප් යනුවෙන් නම් කර තිබුණා. එක්ලක්ෂ දස දහසකට අසුන් ගත හැකි එම ක්‍රීඩාංගණයේ ට්‍රම්ප් පිළිගැනීමේ උත්සවයට ලක්ෂයකට වැඩි පිරිසක් එක්ව සිටියා. මෙහිදී ඉන්දියාවට ඩොලර් බිලියන 3 ක ඇමෙරිකා යුද උපකරණ ලබාදීමට ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. බොලිවුඩ් චිත්‍රපට පිළිබදවද විශේෂයෙන් අදහස් දැක් වූ ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියානුවන් නිර්මාණශීලී ජාතියක් බවයි. එසේම අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි නායකයෙකු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඉන් අනතුරුවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පිරිස අග්‍රා වෙත පැමිණියේ. එහිදී ටජ් මහල දැක බලා ගැනීමේ අවස්ථාවටද ඔවුන් එක්ව සිටියා.

 

The post ට්‍රම්ප් බොලිවුඩ් සහ ඉන්දීය ක්‍රිකට් ගැන උද්දාමයට පත්වෙයි (Photos) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG