බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
බ්‍රසීලයේ මුහුදුබඩ ප්‍රදේශයන් වන සාවෝපෝලෝ සහ රියෝ ද ජැනයිරෝ නගරවලට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවුණා. තද වැසි සහ නායයාම් හේතුවෙන් දේපොල රැසකට හානි සිදුව ඇති බව සඳහන්. වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ සාවෝපෝලෝ නගරයටයි. තවදුරටත් වර්ෂාව පවතින අතර මියගිය සහ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සඳහන්. පැය 24 ක් තුළ එරටට මිලිමීටර් 272 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
The post බ්‍රසීලයේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment