බොරු නඩුවකට පටලවා දේශපාලන වශයෙන් තමාගෙන් දැඩි ලෙස පළිගැනීම් සිදුකළ බව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක මහතා අද හෙළිකළා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඩී කේ පී දසනායක මහතා සදහන් කළේ 2014 වසරේ තමන් අධ්‍යයන කටයුතු සදහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බවයි. නමුත් 2015 ආණ්ඩු පෙරළියත් සමග තමාට එම අධ්‍යයන කටයුතු නවතා යළි දිවයිනට පැමිණිමට සිදූ බව ඔහු වැඩිදුරටත් කියාසිටියා. එසේ සිදුවූයේ 2015 න් පසු මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන බල අධිකාරියක් තමන්ව යළි ලංකාවට ගෙන්වන ලෙස එවකට නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාට සිදුකළ දැනුම්දීමකට අනුව බව ඔහු මෙහිදී කියාසිටියා.
අනතුරුව තමන් ලංකාවට පැමිණි පසු තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ගොනුකර එම නඩුවට තමන් සම්බන්ධ කළ බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඩී කේ පී දසනායක මහතා වැඩිදුරටත් කියාසිටියා. තමන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් දැඩි ලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් තමන්ට විරුද්ධව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළ බව ඔහු මෙහිදී කියාසිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන නිලධාරීන් පැවැත්වූ දුරකතන සංවාදයක් කොමිෂන් සභාවේදී විකාශය කළ අතර අදාළ දුරකතන සංවාදයේ අන්තර්ගතවී තිබුණේ ඩී කේ පී දසනායක මහතා වැලිසර නාවික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකරන්නේ කෙසේද යන්න සාකච්ඡාවයි.
මේ අතර ජයනිතා ත්‍යාගරාජ නමැති කාන්තාවක් තරුණයින් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර එහිදී ඩී කේ පී දසනායක මහතාගේ නමද එම පැමිණිල්ලට ඇතුළත් කර තිබෙනවා. අදාළ කාන්තාව එම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගෙන් ලබාගත් තොරතුරු මත බවයි ඩීකේපී දසනායක මහතා කොමිසම හමුවේ කියාසිටියේ. මේ අතර කොමිෂන් සභාව වෙත අද දිනයේදී රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් ද කැදවා තිබුණා. එහිදී කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් ද්වේශ සහගත සහ අසත්‍ය ලෙස වැඩසටහන් හෝ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇති පුද්ගලයින් පිළිබදව කොමිසම වෙත තොරතුරු ලබාදෙන ලෙසයි.
The post නාවික හමුදාවේ දසනායකව හිර කරන්න CID ශානි කරපු දේ කොමිසමේදී හෙළිවේ appeared first on ITN News.
Post a Comment