Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහමැතිවරණයේ ලකුණ පොහොට්ටුව – නිල වශයෙන්ම දැනුම් දෙයි  

Add comments

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය නියත බව එම පෙරමුණේ නියෝජිතයින් පෙන්වා දෙනවා. මාධ්‍ය හමු කිහිපයකදී මේ බව අවධාරණය කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ 14 ක් සමග එක්ව පොහොට්ටුව ලකුණ යටතේ මහ මැතිවරණයට තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාවට අද නිල වශයෙන් දැනුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව කළ යුතු නිල දැනුම් දීමේ සම්ප්‍රදායට අනුවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

The post මහමැතිවරණයේ ලකුණ පොහොට්ටුව – නිල වශයෙන්ම දැනුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG