අධික උෂ්ණත්වය නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලුවලින් ආරක්‍ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් මන්නාරම හා මොනරාගල දිස්ත්‍රික්වලත් උණුසුම් දර්ශකය අවධානයට යොදු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම සුවිශේෂී වනවා. කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයා යුතුයි. අධික වෙහෙසකාරි කටයුතු සීමා කළ යුතු අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය අධික උණුසුමින් ආරක්‍ෂා වීමට තවත් පිළියමක් බවයි අවධාරණය කෙරෙන්නේ.
The post උෂ්ණත්වයෙන් ආරක්‍ෂා වෙන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි appeared first on ITN News.
Post a Comment