Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවරඑළිය අවුරුදු වසන්තයට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමට වැඩසටහන් රැසක්  

Add comments

නුවරඑළිය අවුරුදු වසන්තයට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එය ක්‍රියාවට නංවා තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම පහසුකම් සැළසීමේ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ ද සහයෝගය මතයි. ග්‍රෙගරි උද්‍යානය සංවර්ධන සැළැස්ම,  දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගතහැකි අයුරින් ක්‍රියාත්මකයි. ඇවිදින මන්තීරුව,  ව්‍යායාම් කරන ස්ථාන,  අශ්වයින් පිට ගමන් ගන්නා ස්ථාන මෙන්ම බෝට්ටු පදින ස්ථාන ද සංවර්ධනය කෙරෙනු ඇති.

විශේෂයෙන්ම දියමත ගොඩබස්වන ගුවන් යානා ක්‍රියාත්මක බැවින් ඊට අවශ්‍ය පහසුකම් ද නිසි පරිදි සැලසීම මෙම සංවර්ධන වැනඩසටහන්වලට ඇතුළත්. ග්‍රෙගරිවැව අදියර පහක් යටතේ සංවර්ධනය කෙරෙන අතර මේ වනවිට එහි ක්‍රියාත්මක වන්නේ එහි අවසන් අදියරයි.

පරිසර හිතකාමී අයුරින් කුඩා පරිමාණ ඉදිකිරීම් සිදුකෙරෙන්නේ සංචාරකයින්ට ආහාරපාන ලබාගැනීම හා සනීපාරක්ෂක පහසුකම් සදහායි. දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අප්‍රේල් මාසයේදී නුවරඑළියට පැමිණෙන බැවින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

 

 

 

 

The post නුවරඑළිය අවුරුදු වසන්තයට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමට වැඩසටහන් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG