Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවී, අර්ජුන් සහ පලිසේන ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් නිර්දේශ  

Add comments

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නා.

මේ අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත්චන්ද්‍ර, හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙසයි නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ.

2016 වසරේ මාර්තු 29 වනදා සිදුවූ බැදුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ගැන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙදපොල හැසිරවීම ආදී චෝදනා යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරන්නේ.

මේ අනුව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසප් ඇලෝසියස්, රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, ඉන්දික සමන් කුමාර යන අයට මෙම චෝදනා එල්ලවී තිබෙනවා. ඔවුන්ට එරෙහිව පොදුදේපල පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි සිදුකර ඇති බවට

ප්‍රමාණවත් කරුණු පවතින බවයි නීතිපතිවරයා අවධාරණය කරන්නේ. 2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ වනවිටත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මේ අතර මහ බැංකු බැදුම්කර නිකුතුවට අදාළව අධිකරණය කළ නියෝග මත වෝහාරික පරීක්ෂණයක් සිදුකෙරෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළා. බැදුම්කර නිකුතුවට අදාළව වෝහාරික විගනනය සිදුකළ කාලසීමාවේ ඊට අදාළ වැදගත් විද්‍යුත් දත්ත මකාදැමූ බවට එම විගනන වාර්තාවේ සදහන්කර ඇති මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ආචාර්ය එම් ඉසෙඩ් එම් හාසිම්ට එරෙහිව විමර්ශන සිදුනොකරන්නේ මන්දැයි විත්ති පාර්ශ්වයෙන් මෙහිදී ප්‍රශ්නකර සිටියා.

 

 

 

 

 

The post රවී, අර්ජුන් සහ පලිසේන ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් නිර්දේශ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG