වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන මස 2 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියට අදාළවයි.
තමන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා කළ නියෝගයට එරෙහිව පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. පිලපිටිය මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට බැලූ බැල්මට ප්‍රමාණවත් කරුණු ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. විනිසුරුවරයාට එරෙහි නොතිසිය කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා හරහා යොමු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
The post ගිහාන් පිලපිටියට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග appeared first on ITN News.
Post a Comment