Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා සංගමය කොරෝනා වෛරස් අවදානම ඉහළ දමයි  

Add comments

කොරෝනා වෛරස් අවදානම ඉහළ දැමීමේ නිවේදනයක් නිකුත් කළ බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා. එය ව්‍යාප්තිය වේගවත්වීමයි ඊට හේතුව.

ඉතාලිය ඇතුලු රට වලින් ආසාදිතයන් රැසක් වාර්තාවී තිබෙනවා. එම තත්වය මැඩපැවැ්වීම සඳහා අවශ්‍ය කඩිනම් කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි යුරෝපා සංගමය පෙන්වාදුන්නේ. ලොවපුරා එය ව්‍යාප්වීම හේතවෙන් ගෝලීය ආර්ථිකයට බලපෑමක් එල්ලවී ඇති බවයි ලෝක වෙළෙද සංවිධානය සඳහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධයෙන් යළි නිවේදනයක් නිකුත් කළා.

චීනයෙන් පිටත වෛරසය ව්‍යාප්තිය වේගවත් වන බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව ඇති විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් යොමු වියයුතු බවත් සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා. දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සහ ජපානය ද ඊට අයත්. මේ වනවිටත් කොරෝනා වෛරසය පොදු සතුරෙක් බවට පත්ව තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදුන්නේ.

මේ අතර වෛරසය ව්‍යාප්තවූ රට වලින් සංචාරකයන් පැමිණීම තහනම් කිරීමට ඕමානය තීරණය කළා. එය ගුවන්, ගොඩබිම් සහ මුහුදු සීමා ආශි‍්‍රතව දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බවයි ඕමාන් බලධාරින් පවසන්නේ.

The post යුරෝපා සංගමය කොරෝනා වෛරස් අවදානම ඉහළ දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG