තවත් COVID19 වෛරසය ආසාදිතයින් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් 303ක් ලෙස ඉහළ ගියා.
අද (20) දිනයේ සවස 3.30 දක්වා කාලය තුලදී වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එක් දිනයක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙයයි.
අද දිනයේ වාර්තා වූ සියලු දෙනාව කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ නිවෙස්වල නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.
මේ වන විට කොරෝනා රෝගීන් 199 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය රෝගීන් ගණන 97ක් වනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 300 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment