නව කොරෝනා වෛරසය අසාදානය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී ද රෝගීන් 65 දෙනෙකු හදුනා ගැණුනා.
ඊයේ (27) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 65 දෙනෙකු හමුවූ අතර එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වනවා. කොරෝනා ආසාදිතයින්ගෙන් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 455 ක්. වෛද්‍ය අධීක්ෂණය යටතේ 295 දෙනෙකු පසුවන අතර කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගැනීමෙන් පසුව සුවය ලැබූ සංඛ්‍යාව 126 ක්.
ඊයේ (27) හමුවූ ආසාදිතයින්ගෙන් 44 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්. ඒ අනුව වෛරසය වැළදුනු නාවික හමුදා සෙබලුන්ගේ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 113 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ රැදී සිටි නාවිකයින් වන අතර සෙසු 68 දෙනා නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි නිලධාරීන්. හුදෙකලා කෙරුණ වැලිසර නාවික හමුදා කදවුරු පරිශ්‍රයේ පරීක්ෂණ ඇතුළු සෙසු සෞඛ්‍ය කටයුතු අඛණ්ඩව සිදුවනවා.
The post කොරෝනා රෝගීන් ගණන 588 ක් – 126 කට පූර්ණ සුවය appeared first on ITN News.
Post a Comment