වී තොග සඟවා ගන්නා ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ සඳහා වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා. වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් හදුනා ගැනිමේ වැටලීම් ද දීප ව්‍යප්තව කි‍්‍රයාත්මක බවයි එම අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක මහතා සදහන් කළේ.
ජංගම වෙළඳුන් පරික්ෂා කිරිම ද අඛණ්ඩව සිදු කරන බව සභාපතිවරයා පෙන්වා දුන්නා.
මේ අතර වැඩි මිළට පොහොර අළෙවි කළ මාතලේ දිස්ති‍්‍රක්කයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට සහ පොහොර සඟවාගෙන සිටි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ද එරෙහිව නඩු පවරන බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.
The post වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් හදුනා ගැනිමේ වැටලීම් අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment