ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිස් එක් ලක්ෂ තිස් අට දහස් හාරසිය ඉක්මවා ගියා.
ඒ මරණ සංඛ්‍යාව දෙලක්ෂ දාහත් දහස් නවසිය අසු පහක් ලෙස සටහන් කරමින්. නව ලක්ෂ පනස් පන් දහස් අටසියකට වැඩිපිරිසක් සුවය ලබා තිබෙනවා.
ඊයේ දිනයේ දි නව මරණ 2470ක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. ඉලිනොයිස් ජනපදයෙන් පමණක් මරණ 142ක් වාර්තා වුණා. එක් දිනකදි ජනපදයකින් වාර්තාවූ වැඩිම රෝගින් සංඛ්‍යාව එය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වන විට ඇමරිකාවේ පනස් නව දහස් දෙසියකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. ආසාදිතයින් සංඛ්‍යාව දස ලක්ෂ තිස් පන් දහස් හත්සිය ඉක්මවා ගියා.
දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එය විසි හත් දහස් තුන්සියය ඉක්මවනවා. ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයන් ගණන ලක්ෂ දෙකකට වැඩි බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කළේ. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් දෙලක්ෂ තිස් දෙදහසකට වැඩි පිරිසක් හදුනා ගැනුණු අතර විසි තුන් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 2470ක් appeared first on ITN News.
Post a Comment