ඇමෙරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ කොරෝනා නමැති නොපෙනෙන සතුරාගේ ප්‍රහාරය හමුවේ ඇමෙරිකා ජාතිකයන්ගේ රැකියා ආරක්‍ෂා කර ගැනීම සඳහා තමා මෙම තීරණය ගත් බවයි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ඇමෙරිකාවේ ජීවිත හතළිස් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට බිලිගෙන අවසන්. ඇමෙරිකාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට හත් ලක්‍ෂ අනූදෙදහස ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අතර වසර ගණනාවකට පසු පහත වැටුණු ඇමෙරිකා තෙල් මිලේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.
The post ඇමෙරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවමින් විධායක නියෝගයක් appeared first on ITN News.
Post a Comment