කොරෝනා වෛරසයට එරෙහිව ලොවපුරා එන්නත් අත්හදා බැලීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු හා ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබෙනවා.
ජපානයේ නිකී 225 දර්ශකය 2.3%කින් හා ඕස්ට්‍රේලියා ASX 200 දර්ශකය 1.2%කින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. ඇමෙරිකාවේ කොටස් වෙළෙඳපොළද නැවත වරක් ශක්තිමත් වී තිබෙනවා. ඩෝව් ජෝන්ස් කාර්මික දර්ශකය 2.2% කින් ද S & P 500දර්ශකය 2.7 %කින් හා නැස්ඩැක් දර්ශකය 3.6% කින්ද ඉහළගොස් ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.
The post ඇමෙරිකාවේත් ආසියාවේත් කොටස් වෙළෙඳපොළ ඉහළ යයි appeared first on ITN News.
Post a Comment