Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කල් ඉකුත්වූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීම සඳහා සහන කාලයක්  

Add comments

කල් ඉකුත්වූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාර්තු පළමුවෙනිදා හෝ ඊට පසු නිකුත් කළ දඩ පති‍්‍රකා සඳහා අතිරේක දඩ මුදල් රහිතව මැයි දෙවනදා දක්වා ගෙවීම් කාලය දීර්ඝ කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

පෙබරවාරී 16 වනදා සිට 29 වනදා දක්වා නිකුත් කර ඇති දඩ පති‍්‍රකා සඳහා අතිරේක දඩ මුදල් සහිතව මැයි දෙවනදා දක්වා සහන කාලයක් ලබාදී තිබෙනවා. ඇඳිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක ප‍්‍රදේශ සඳහා වන සහන කාලය තැපැල් ස්ථාන විවෘත කිරීමෙන් පසු ප‍්‍රසිද්ධ කිරීමටයි නියමිත.

 

 

 

The post කල් ඉකුත්වූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීම සඳහා සහන කාලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG