Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ කොමිසම හා අංශ කිහිපයක් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක්  

Add comments

පාර්ලිමේන්තු මැතිවරණය ගැන මැතිවරණ කොමිසම හා අංශ කිහිපයක් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා

කොරෝනා වෛරසය හේතුවෙන් ලබන 25 වනදාට යෙදී තිබූ පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම පසුගිදා තීරණය කළා. ඒ අනුව රටේ පවතින වත්මන් වාතාවරණය විශ්ලේෂණය කොට මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේ සිට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා රාජ්‍ය නිලධාරීන් අංශ කිහිපයකින් සාකච්ඡා සඳහා සහභාගී වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් සමඟ පෙරවරුවේ සාකච්ඡා පැවැත්වුණා. එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟද මැතිවරණ දිනය තීරණය කිරීම පිළිබඳ  සාකච්ඡා පැවැත්වූ බව මැතිවරණ කොමිෂන් ආරංචි මාර්ග පවසනවා.

තැපැල්  දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රජයේ මුද්‍රණාලයේ ප්‍රධානීන්ද අද සාකච්ඡාවට එක්වුණා. ආරක්ෂක ප්‍රධානීන් සමඟද මැතිවරණය කොමිසම හෙට සාකච්ඡා කිරීමට නියමිතයි. සියලු කරුණු සැලකිල්ලට ගෙන කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය  පිළිබඳව හෙට දිනයේදී දේශපාලන පක්ෂ නායකයන් සමඟද සාකච්ඡා කරනු ඇති.

 

The post මැතිවරණ කොමිසම හා අංශ කිහිපයක් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG