කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වෙනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි.
ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුණත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.
The post පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 appeared first on ITN News.
Post a Comment