රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු අග්‍රාමාත්‍ය ධුරයේ තාවකාලිකව කටයුතු කිරීම සදහා පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් ගේ නම යෝජනා වී තිබෙනවා.
රුසියාව තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයියන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1073 ක්.
The post රුසියානු අගමැතිත් කොරෝනාවෙන් රෝහලේ appeared first on ITN News.
Post a Comment