කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබා නොගැනීම හේතුවෙන් පෝලන්ත ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
පළමු වටයේ ඡන්ද විමසීමෙන් ජනාධිපති ඇන්ඩ්රේජ් ඩූඩාහට 42%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. විපක්ෂයේ අපේක්ෂක රෆාල් ට්රස්කොව්ස්කි හට ලබා ගැනීමට හැකිවූයේ 30%ක ප්‍රතිශතයක් පමණයි.ඒ හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වන බවයි බලධාරීන් පවසන්නේ. කෙසේ වුවද වෛරස ව්‍යාප්තිය ද නොතකමින් ජනතාව තම ඡන්දය භාවිත කිරීමට එක්ව සිටි බව එරට මාධ්‍ය සඳහන් කරනවා.
The post පෝලන්ත ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමක් appeared first on ITN News.
Post a Comment