ටෙක්සාස් ප්‍රාන්තය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය නව්‍ය මුහුණුවරක් ගෙන ඇති බව ආණ්ඩුකාර ග්‍රේග් ඇබට් පවසනවා.
ජනතාවගේ නොසැලකිලිමත්කම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි ඔහු තවරදුරටත් සඳහන් කරන්නේ. පසුගිය සති කිහිපය තුළ පමණක් දෛනික ආසාදිතයින් වාර්තා වීම 2000 සිට 5000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසා දැමිමේ නීති ලිහිල් කිරීම ආසාදිතයින් වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙසයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 26 ඉක්මවා ඇති අතර වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ විසිහයදහස ඉක්මවා තිබෙනවා.
The post ටෙක්සාස් ප්‍රාන්තය තුළ කොරෝනා ව්‍යාප්තිය නව්‍ය මුහුණුවරක් ගනී appeared first on ITN News.
Post a Comment