හබරන හුරුළු පාරිසරික වනෝද්‍යානය තුළ ඇතිවූ ගිනි ගැනීම් දෙකකින් අක්කර විස්සක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශවී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
කොළඹ , ත්‍රිකුණාමලය , ප්‍රධාන මාර්ගයට ආසන්නව මායිම්වී ඇති හබරන හුරුළු පාරිසරික වනෝද්‍යානය තුළ ඊයේ දහවල් සහ රාත්‍රි කාලයේදී මෙම ගිනි ගැනීම් ඇතිවී තිබෙනවා. වන සංරක්ෂණ නිලධාරීන් යුද හමුදාව සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීම සඳහා කටයුතු කළා. පවතින වියළි කාලගුණය නිසා ගින්න පැතිර යාම වේගවත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. දඩයම් සඳහා යන පිරිස් මෙම වනාන්තර ප්‍රදේශයේ ගිනි තැබීම් නිසා සෑම වසරකදීම මෙවැනි තත්ත්වයන් ඇතිවන බව ද වාර්තා වනවා.
The post හබරන හුරුළු වනෝද්‍යානයේ ගිනි ගැනීම් දෙකකින් අක්කර 20ක් සම්පූර්ණයෙන් විනාශවෙයි appeared first on ITN News.
Post a Comment