පුත්තලම දිස්ත්‍රික්කයේ අක්‍රීයව ඇති බුලන වාරි ක්‍රම යළි යථා තත්වයට පත් කිරීමේ වැඩ පිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මකයි.
බුලන වාරි ක්‍රම ලෙස හඳුන්වන ජල ව්‍යාපෘති හතරක් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ පවතිනවා. එම ව්‍යාපෘති හතරම මේ වන විට අක්‍රීය තත්ත්වයටයි පත්ව ඇත්තේ. වැසි නොමැති නියං කාලයේ වුවද ගොවිතැන් කිරීමට ජලය ලබා ගැනීමට මෙම බුලන වාරි මාර්ග හරහා ඉඩකඩ පැවතීම විශේෂත්වයක්. මෙම බුලන වාරි පද්ධති සඳහා දිය බුබුළු වලින් අඛණ්ඩව ජලය ලැබීම හේතුවෙන් වැව තුළ එක්රැස් වන ජලය අරපිරිමැස්මෙන් වගා කටයුතු සඳහා භාවිත කිරීමට හැකියාව පවතින බව ගොවීන් පෙන්වා දෙනවා. දංකොටුව දික්වෙල පිහිටි බුලන වාරි ව්‍යාපෘතිය යථා තත්වයට පත් කිරීම මේ දිනවල සිදු වෙමින් පවතින්නේ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිවයි. මීට රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආගමික නායකයින් ඇතුළු බොහෝ පාර්ශව දායකත්වය ලබා දීමට එක්ව සිටිනවා.
The post බුලන වාරි ක්‍රම යළි යථා තත්වයට පත් කිරීමේ වැඩ පිළිවෙළක් appeared first on ITN News.
Post a Comment