ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෝෂා ප්‍රදේශයේ දැවැන්ත ට්‍රම්ප් විරෝධී පෙළපාලියක් සංවිධාන කර තිබෙනවා. ඒ ජාතිවාදයට විරෝධය දක්වමින්.
සැතපුමක් පමණ දිගට ජනතාව රැස්වෙමින් මෙම විරෝධතාව දැක්වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන අකටයුතුකම් මෙන්ම යුක්තිය නිසි අයුරින් ඉටු නොවීම සම්බන්ධයෙන් මෙම ජනතාව විරෝධතාවයේ නිරතවී තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෝෂා හි ලබන අගහරුවාදා සංචාරයක නිරතවීමට නියමිත අතර ඊට පෙර මෙම විරෝධතාව සංවිධාන කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
The post ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෝෂා ප්‍රදේශයේ ට්‍රම්ප් විරෝධී පෙළපාලියක් appeared first on ITN News.
Post a Comment