ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට බලපා ඇති ලෝරා සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 4ක පමණ පිරිසකට විදුලිය ඇනහිට තිබෙනවා.
ලක්ෂ දෙකක පමණ පිරිසකට පානීය ජලයද අහිමිවී ඇති බවයි බලධාරීන් නිවේදනය කරන්නේ. ලුසියානා ප්‍රාන්තයේ වෙරළ තීරයන්හි ජීවත්වන ජනතාවට තවත් සති කිහිපයක් යන තුරු විදුලිබලය හා පානීය ජලය ලබා දීමට නොහැකි වනු ඇතිබවට මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ලුසියානා හා ටෙක්සාස් ප්‍රාන්තවල සුළිකුණාටුවට ලක්වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක ඊයේ දිනයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරත වුවා.
The post ලුසියානා ප්‍රාන්තයේ ලක්ෂ 4ක පමණ පිරිසකට විදුලිය ඇනහිටී appeared first on ITN News.
Post a Comment