ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ වීදි සංචාරය කළා.
විහාර මන්දිරය වෙත සදාතුක කරඩුව වැඩම කරවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසන පරිදී පෙරහැර මංගල්‍ය සංවිධාන කෙරුණා. විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේයි ආගමික වතාවත් සිදුකළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් මංගල හස්තිරාජයා සදාතුක කරඩුව තැන්පත් කෙරුණා. ජනාධිපතිතුමා නිලමේවරුන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.
The post ශ්‍රී ජයවර්ධනපුර රජමහා විහාරස්ථානයේ අවසන් පෙරහැර වීදි සංචාරය කරයි appeared first on ITN News.
Post a Comment