අත්අඩංගුවට පත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.
ඊයේ මීගමුව ප්‍රධාන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කළ අතර අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණා. මාධ්‍යයට අදහස් දක්වමින් අනුරුද්ධ සම්පායෝගේ නීතීඥවරයා සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීමට යොදාගත් වරෙන්තුව නිත්‍යානුකූල නොවන බවයි.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළදී උපක්‍රමශීලී ක්‍රමවේදයක් භාවිත කරමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ඇතුළු කණ්ඩායමකට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.
වරෙන්තුවක් නිකුත් වී තිබියදීත් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි ලෙස විවේචනයට ලක්වී තිබුණා. මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා සිදුකළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් ප්‍රසන්න පින්තෝ නමැති සිරකරුවාගේ කුටියේ තිබී , ශීතකරණයක්, ආහාර පාන, සැපපහසු ඇදක් , නවීන පන්නයේ විදුලි පංකාවක් මෙන්ම ඉලොට්‍රොනික තරාදියක් ද සොයා ගැනීම සම්බන්ධයෙනුයි සම්පායෝ සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූයේ.
කෙසේ වෙතත් සිරකරුවෙකුට අවශ්‍ය නොවන ඉලෙට්‍රොනික තරාදි වැනි උපකරණ බන්ධනාගාරය තුළ තිබීම සම්බන්ධයෙන් දැඩි සැකයත් මතුවූ අතර බන්ධනාගාර තුළ සිදුකෙරන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙම තරාදි යොදා ගන්නට ඇතැයි ද සැකයක් මතුවුණා. ඒ අනුව අනුරුද්ධ සම්පායෝ තනතුරෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරුණා. සිද්ධියට අදාළව 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. වරෙන්තු ලැබූ බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාරවී තිබෙනවා. ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
The post සම්පායෝ පැය 24කට රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.
Post a Comment