ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි විරෝධතා උත්සන්න වී ඇති බව වාර්තා වනවා.
ජෙරුසලමේ පිහිටි අග්රාමාත්ය නිල නිවස ඉදිරිපිට පහලොස් දහසකට අධික පිරිසක් මේ වන විටත් විරෝධතාවල නිරත වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. සති ගණනක් පුරා අඛණ්ඩව පැවති උද්ඝෝෂණ මාලාවේ විශාලතම උද්ඝෝෂණ රැළිය මෙය බවයි වාර්තා වන්නේ. කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා ගත් පියවර මෙන්ම අග්රාමාත්යවරයාට එරෙහි දූෂණ චෝදනා හේතුවෙන් උද්ඝෝෂණ අඛණ්ඩව පවතින බව වාර්තා වනවා.
The post බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment