ආමේනියාව හා අසර්බයිජාන් ආරක්ෂක අංශ අතර හට ගත් ගැටුමකින් පුද්ගලයින් දහසය දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුද ගැටුමෙන් මියගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව සියයකට අධිකයි. 2016 වසරට පසු දෙරටේ ආරක්ෂක අංශ අතර හටගත් පළමු ගැටුමද මෙයයි. නගොර්නෝ කරබාක් නම් ප්‍රදේශයේ අයිතිය පිළිබදව 1990 වසරේදී පළමු වරට දෙරට අතර ගැටුමක් හටගත්තා. එම ප්‍රදේශය අසර්බයිජාන් රාජ්‍යය තුළ පිහිටා තිබුණද ජාතිවාදී ආමේනියා ජනතාව එම ප්‍රදේශයේ අයිතිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කර ගැනීමටයි පෙළඹී ඇත්තේ. දෙරට අතර ගැටුමෙන් පසු අසර්බයිජාන් රාජ්‍යය එම ප්‍රදේශයට යුද නීතියද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා.
The post ආමේනියාව හා අසර්බයිජාන් ආරක්ෂක අංශ අතර ගැටුමකින් 16 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment