මෙක්සිකෝවේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙක්සිකෝ රජය එරට සිදුවන මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට පියවර ගන්නා පසුබිමකයි මෙය සිදුවී ඇත්තේ. මිය ගිය පිරිසට කාන්තාවන් 4 දෙනෙකු ද ඇතුළත් බව වාර්තා වනවා. තවත් එක් කාන්තාවක් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි මාධ්‍ය සදහන් කරන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායම් අතර සිදුවන මෙවැනි වෙඩි හුවමාරු මෙක්සිකෝවේ සුලබ සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ. ඉන් වසරකට මිය යන සංඛ්‍යාව සිය ගණනක් බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.
The post මෙක්සිකෝවේ සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment