ඇමෙරිකාවේ පෝට්ලන්ඩ් නගරය තුළ බ්ලැක් ලිව්ස් මැටර් උද්ඝෝෂනයක් අතරතුරදී පොලිසිය හා උද්ඝෝෂකයින් අතර දරුණු ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
පොලිසිය හා ගැටුම් ඇති කරගත් විසි දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ. උද්ඝෝෂකයින්ට පෝට්ලන්ඩ් පොලිස් නිලධාරීන් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙලක් මේ වනවිටත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. මෙහිදී උද්ඝෝෂකයින් ඇමෙරිකානු ධජය ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි වාර්තා වන්නේ. මෙම වසරේ මැයි මස විසි පස් වෙනි දින මිනියාපොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීයෙකු අතින් නිරායුධ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වීමත් සමග පෝට්ලන්ඩ් නරගයේ ආරම්භ වූ උද්ඝෝෂණ අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
The post ඇමෙරිකාවේ පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දරුණු ගැටුම් appeared first on ITN News.
Post a Comment