පසුගිය වසර පහළවෙන් වසර දහයකම රජයට අය විය යුතු බදු මුදල් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙවා නොමැති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සදහන් කරනවා.
2016 හා 2017 යන වසර වලදී ජනාධිපතිවරයා විසින් ගෙවා ඇති බදු මුදල ඩොලර් හත්සිය පනහක් බවයි එම පුවත්පත තවදුරටත් සදහන් කරන්නේ. ඔහුගෙන් අය විය යුතු සම්පූර්ණ බදු මුදල ඩොලර් මිලියන හාරසිය විසිහතයි දශම හතරක් බව ද වාර්තා වනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධූරය සදහා තේරී පත්වීමත් සමග ඔහුගේ ව්‍යාපාර පාඩු ලබන බවයි ට්‍රම්ප් ව්‍යාපාර සමූහය සදහන් කරන්නේ. 2018 වසරේ පමණක් ඔහු ලබා ඇති පාඩුව ඩොලර් මිලියන හතළිස් හතයි දශම හතරක්. කෙසේ වුවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
The post ට්‍රම්ප් වසර දහයකින් බදු මුදල් ගෙවා නොමැති බව හෙළි වෙයි appeared first on ITN News.
Post a Comment