රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ විත්තිකරුට පොදු සමාව ප්‍රධානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 19 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවෙන් මරණීය දණ්ඩනය ලබාසිටි ජූඩ්ස් ශ්‍රමන්ත ජයමාන්න නැමත්තාට පොදු සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා. කාන්තා මාධ්‍ය සංවිධානය ගොනු කර ඇති එම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක්. අදාළ පෙත්සම ජනවාරි 19 වනදා සලකා බැලීමට කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මිනිමැරීම් චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රධානය කිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සම්පූර්ණ කළයුතු පිළිගත් නීතිමය ප්‍රතිපාදනයන් අනුගමනය කර නොමැති බවටයි පෙත්සම් කරුවන් චෝදනා කරන්නේ.
The post රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ පෙත්සම් විභාගය ජනවාරි 19 වනදා appeared first on ITN News.
Post a Comment