පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට දැනුම් දී තිබුණා. ඒ අනුව පෙරවරු 08.30 ට පමණ ඔහු එම ස්ථානයට පැමිණ තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
ඒ අනුව ඔහු සාක්ෂි දීම සදහා කොමිසම වෙත පැමිණීයේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේයි.
The post පාස්කු පොලිස් විමර්ශනයට බන්ධනාගාරයේ සිටම මන්ත්‍රී පිල්ලයානුත් එයි appeared first on ITN News.
Post a Comment