Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පාලනයෙන් ලෝකෙන්ම දෙවනි තැන ශ්‍රී ලංකාවට  

Add comments

චීනයේ පර්යේෂන ආයතනයක් සිදු කළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 ගෝලීය වසංගතය පාලනය කිරීමෙන් ශ්‍රි ලංකාව ලොව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. පසුගිය 22 වනදා මෙම වාර්තාව එළි දැක්වුවා.

චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන Yicai Global  පර්යේෂන ආයතනය සිදු කළ සමීක්ෂණයකට අනුවයි ශ්‍රී ලංකාව ලොව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ. ශ්‍රී ලංකාව කොවිඩ් 19 ගෝලීය වසංගතය වැලැක්වීමට ගත් ක්‍රියාමාර්ග ,ආර්ථිකය, නැවත ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් සළකා බලමිනුයි දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ.

මෙම සමීක්ෂණය සඳහා රටවල් 108 ක් යොදාගෙන තිබෙනවා. කොවිඩ් 19 ගෝලීය වසංගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර පළමු තැනට පත්ව තිබෙන්නේ චීනයයි. එම සමීක්ෂණයට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ ප්‍රමුඛ රටවල් දහය වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව , තායිලන්තය , නවසීලන්තය ,වියට්නාමය , කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.

The post කොරෝනා පාලනයෙන් ලෝකෙන්ම දෙවනි තැන ශ්‍රී ලංකාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG