වසර 30 කට පසු ඕස්ට්‍රේලියාව දරුණු ආර්ථික අවපාතයකට ලක්ව ඇති බව වාර්තාවනවා. මේ අතර ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර 29 හැවිරිදි තවත් කළු ජාතිකයෙකු පොලීසිය ඝාතනය කිරීමත් සමග එරට උද්ඝෝෂණ යළි උත්සන්න වී තිබෙනවා.
කෝවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් වසර තිහකට පසු ඕස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධන වේගය දරුණු ලෙස අවපාතයට ලක්ව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාර්තුව තුළ එරට දළ දේශීය නිෂ්පාදනය පෙර කාර්තුවට සාපේක්ෂව සියයට 7 කින් අඩුවී තිබෙනවා. ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධනය සියයට බින්දුවයි දශම තුනකින් පහළ ගොස් තිබුණා.
The post ඇමෙරිකාවට තවත් කලු ලපයක් එක්වෙද්දී ඕස්ට්‍රේලියාවත් හිඟමනට වැටෙන ලකුණු appeared first on ITN News.
Post a Comment