Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නව රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කෙරේ  

Add comments

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නව රුධිර කාන්දුපෙරණ ඒකකය ඊයේ (03) විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මෙම නව රුධිර කාන්දුපෙරණ ඒකකය මගින් පළමු වතාවට හිමෝඩියාෆිල්ටරේෂන් තාක්ෂණය ශ්‍රී ලංකාවට හදුන්වා දී තිබෙනවා.  හෘදයාබාධ සහ වකුගඩු අකර්මන්‍ය රෝගීන්ට වඩාත් ආරක්ෂිත, සුව පහසු ක්‍රමවේදයක් මෙමගින් ලබා ගැනීමට හැකියි.  මෙම ඒකකයේ ඇති උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 500ක්. එමගින් මසකට රුධිර කාන්දු පෙරණ 500කට අධික ප්‍රමාණයක් සිදු කිරිමේ හැකියාව පවතිනවා.

නව රුධිර කාන්දුපෙරණ ඒකකයට පුහුණුවලත් වෛද්‍ය නිලධාරීන් හෙද හෙදියන් සහ තාක්ෂණික සේවක මණ්ඩලය ඇතුළු සේවකයින් 20කට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා.

මෙම අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

The post කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නව රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG