ඉන්දියාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
ගතවූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අසූහතර දහස් එකසිය පනස් හයක්. දිනක් තුලදී එරටින් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙයයි. ඊයේ දිනය තුළදී සිදුවූ මරණ එක්දහස් අසූතුනත් සමග එරට සමස්ථ මරණ සංඛ්‍යාව හැටනව දහසකට ආසන්න බවයි වාර්තා වන්නේ.
ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවා යාමට ඉන්දියාව ඉතා ආසන්න මට්ටමේ පසුවනවා.
මාර්තු මාසයේදී ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළ අතර පසුව මුම්බායි හා දිල්ලි නගර ආර්ථික කටයුතු සදහා විවෘත කිරීමත් සමගම වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ද සීඝ්‍ර යෙන් ඉහළ ගියා.
The post ඉන්දියාව කොරෝනා පාලනයෙන් ගිලිහෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment