ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 187 දෙනෙකු අද (01) නිවෙස් බලා පිටව ගියා.
තවදුරටත් මධ්‍යස්ථාන 71කදී පුද්ගලයින් 7576 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර මෙතෙක් ත්‍රිවිධ හමුදාව යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය අවසන් කර ඇති පුද්ගලයින් ගණන 35142 ක්.
ඊයේ (31) දිනය තුළ PCR පරික්ෂණ 2020 සිදුකළ අතර මේ දක්වා මෙරට තුළ සිදුකර ඇති PCR පරික්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ විසිහය දහස් එකසිය එකොළහක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
දෝහා කටාර් සිට පුද්ගලයින් 60 දෙනෙකු, කුවේට් සිට පුද්ගලයින් 216 දෙනෙකු, කටාර් සිට එක් පුද්ගලයෙකු, ඩුබායි සිට පුද්ගලයින් 265 දෙනෙකු ඉන්දියාවේ සිට පුද්ගලයින් 185 දෙනෙකු අද (01) දිනය තුළ මෙරටට පැමිණීමට නියමිතයි.
The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත appeared first on ITN News.
Post a Comment