දැඩි නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් දොළොස්දහස් හත්සිය හැත්තෑ හතරකට පානීය ජලය ලබා දීමේ කටයුතු මේ දිනවල සිදුවනවා.
පවතින නියගය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක පවුල් දොළොස්දහස් හත්සිය හැට හතරකට අයත් පුද්ගලයින් හතලිස් දහස් හයසිය හතලිස් පස් දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ පල්ලම සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. පීඩාවට පත්ව සිටින පවුල් සඳහා අවශ්‍ය පානීය ජලය බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ සිදුවනවා.
The post නියඟයෙන් පීඩාවට පත්ව පවුල් දොළොස්දහස් හත්සිය හැත්තෑ හතරකට පානීය ජලය appeared first on ITN News.
Post a Comment