බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෙසා ක්‍රියාත්මක බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා. දිවයින පුරා භික්ෂුන් වහන්සේ පහලොස් දහස් නමක ආවරණය වන පරිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදල, බුද්ධශාසන අරමුදල සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්රදානය අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතයි. වැඩසටහනේ සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේ කිහිප නමකට අගමැතිතුමා අතින් හිමිකම් ප්රදානය සිදු කෙරුණා. බුදුපුත් සුරක්ෂා වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක් ප්රදානය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණා. රජයෙන් තවත් රුපියල් මිලියන 50 ක් සහ විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් හැත්තෑතුන්ලක්ෂයක් වැඩසටහනට ලැබී තිබෙනවා. මහා සංඝරත්නය, දේශපාලන නියෝජිතයන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්රදානය අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment