යටියන්තොට නගරය ආසන්න වෙළෙදසැලක ඊයේ (01) ඇතිවූ හදිසි ගිනිගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැති බව පොලීසිය පවසනවා.
යටියන්තොට නගරයේ මෙම ගින්න හටගත්තේ ඊයේ (01) රාත්රියේ අටයි හතලිස් පහට පමණයි. ගින්න සැළවූ වහාම යටියන්තොට පොලීසිය ඒ සදහා ක්රියාත්මක වී තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ යුද හමුදාවේ නිලධාරීන්, මාවනැල්ල ප්රාදේශීය සභාවේ ගිනි නිවන නිලධාරීන් ඊට එක්වුණා.
අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගිනි නිවන නිලධාරීන් ද රුවන්වැල්ල ප්රාදේශීය සභා ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි යටියන්තොට පොලීසිය පවසන්නේ.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ අතර සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරුකර නැහැ.
The post යටියන්තොට වෙළෙඳසැළක් ගිනි ගෙන විනාශවෙයි appeared first on ITN News.
Post a Comment