ඉදිරි සතිය ඇතුළත බ්‍රසීලයේ පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව එරට රජය නිවේදනය කරනවා.
වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 23 වන දින එරට සියලුම පාසල් වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. එළඹෙන සතියේදී පාසල් විවෘත කිරීමට නියමිත බැවින් ඒ සදහා අවශ්‍ය සියලුම සෞඛ්‍ය විධිවිධාන කටයුතු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ගුරුවරුන් හා සිසු දරුවන් හත්ලක්ෂ හැත්තෑ දහසකගේ පීසීආර් පරික්ෂණ සිදුකරන බවයි ඔවුන් සදහන් කරන්නේ.
මේ වන විට එරට සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 48 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් දහස ඉක්මවා තිබෙනවා.
The post බ්‍රසීලයේ පාසල් විවෘත කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment