තමාට හා බිරිදට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.
ජනාධිපතිවරයාගේ උපදේශකවරියකට වයිරසය වැළදී ඇති බව ඊයේ (01) දිනයේ තහවුරු වූ අතර ඒ හේතුවෙන් ඔහු නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණේ. කෙසේ වුවද පසුව සිදුකළ පීසීආර් පරික්ෂණවලදී ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිදට වයිරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය අගහරුවාදා ජෝ බයිඩ්න් සමග පැවති විවාදය සදහා ජනාධිපතිවරයා සමග ඔහුගේ උපදේශකවරිය ද සහභාගී වී ඇති අතර ඇයගෙන් ජනාධිපතිවරයාට වයිරසය වැළදෙන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
මේ වන විට ජනාධිපතිවරයා සහ ආර්යාව ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර එළඹෙන 15වන දින පැවැත්වෙන දෙවන විවාදය සදහා ට්‍රම්ප්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ධවල මන්දියර නිවේදනය කරනවා.
The post ඇමෙරිකා ජනාධිපතිට කොරෝනා appeared first on ITN News.
Post a Comment