ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස්මාධ්‍ය සදහන් කරනවා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට ඊශ්‍රායලය දෙවන වරටත් වසා දැමීමට පසුගිය සතියේදී රජය පියවර ගත්තා. එවැනි පසුබිමක් තුළයි අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනතාව විරෝධතාවල නිරත වන්නේ.
විරෝධතා පැවැත්වීම හා එක්වර විශාල ජන සංඛ්‍යාවක් රැස්වීම තහනම් කිරීමට එරට පාර්ලිමේන්තුව පසුගිය සතියේදී කටයුතු කළ අතර අග්‍රාමාත්‍යවරයා තමාට විරුද්ධව ජනතාව පෙළ ගැසීම වැලැක්වීමට එය සිදු කරන බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ. ජෙරුසෙලමේදී පැවති උද්ඝෝෂණ පොලීසිය විසුරුවා හරින ආකාරය හා සහභාගී වූ පිරිස් අත්අඩංගුවට ගන්නා ආකාරය එරට මාධ්‍ය වාර්තා කර සිටියා.
ස.නිෂ්පාදක නම – කාලය –
NLE අධීක්ෂක- සංස්කරණ අධීක්ෂක- පූර්ණ අධීක්ෂක-
The post බෙන්ජමින් නෙතන්යාහුට විරුද්ධව උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment