19 29 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදැක්වීම සිදුකෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය අත්සන් කර පසුගිය 20 වනදාට වසර 31 ක් සපිරෙනවා. එය නිමිති කර ගනිමිනුයි 19 29 යෙදවුම එළිදැක්වුණේ. මෙම යෙදවුමේ පර්යේෂණ කාලය අවසන් වූ පසු ජනතාවගේ පරිහරණය සඳහා ලබා දීමට නියමිතයි.
ළමා අපයෝජන හඳුනා ගැනීම , වළක්වා ගැනීම හා කළමනාකරණය ග්‍රන්ථය එළිදැක්වීම ද මීට සමගාමීව සිදුකෙරුණා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post 19 29 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදැක්වෙයි appeared first on ITN News.
Post a Comment