ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබාශිංසන එක්කර තිබෙනවා.
විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබදතා නව මානයකට රැගෙන යමින් පුළුල් කිරීමට පසුගිය වසරක කාලය තුළදී හැකි වූ බවයි. දෙරට අතර සබදතා ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සෑම විටම කැප වී සිටින බව ද ඒ මහතා කියාසිටිනවා. කෝවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ දෙරට අතර ඇති වූ සහයෝගීතාව තුළින් එය මනාව පැහැදිලි වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට මෙන්ම කෝවිඩ් නයින්ටීන් මර්දනයට ද ඉන්දීය රජයේ අඛණ්ඩ සහාය හිමිවන බව නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබදතාවල ඉහළම තත්ත්වයක් අත්කර ගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ.
The post ඉන්දු ලංකා සබඳතා තර කර ගන්න ඔබ නිසා හැකි වුණා – මෝදිගෙන් ජනපතිට පණිවුඩයක් appeared first on ITN News.
Post a Comment