Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අරලිගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයි  

Add comments

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අරලිගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වූ පුවත සාවද්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලිගහ මන්දිරයේ කිසිඳු නිලධාරියකුට කොවිඩ් 19 වැළදී නොමැති බවට එම නිවේදනයේ සඳහන්. කොවිඩ් තත්ත්වය හමුවේ රජය සහ සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කිසිඳු බාධායකින් තොරව සිදු කෙරෙනවා. එම කාර්යාලවල සේවා සඳහා කැඳවා ඇත්තේ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතුද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙනවා.කොවිඩ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.

 

The post අරලිගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG