ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණ ඡන්ද සටනේ පරාජය පිළිගන්නා ලෙස ඔහුගේ සමීපතමයෙකු උපදෙස් දී තිබෙනවා.
ජෝ බයිඩ්න්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් තවදුරටත් ඵලක් නොවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන නිව්ජර්සි ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි පවසන්නේ. අනවශ්‍ය ආකාරයේ නඩුහබවලට පැටලීමෙන් ඇමෙරිකා රාජ්‍ය විදේශයන් හමුවේ ලැජ්ජාවට පත්වන බවයි ක්‍රිස් ක්‍රිස්ටි පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය භාර ගැනීමට අකමැති මානසිකත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. ඔහු දිගින් දිගටම පවසන්නේ පසුගිය ජනාධිපතිවරණය වංචා සහගත බවයි. කෙසේ වෙතත් පෙන්සිල්වේනියා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුව පරාජය වීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් නගන චෝදනා කිසිඳු පදනමකින් තොර බව සනාථ වුණා.
The post ජනාධිපතිවරණ සටනේ පරාජය පිළිගන්නා ලෙස ට්‍රම්ප්ට ඔහුගේ සමීපතමයෙකුගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment