ඇමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් සමග සිදු කිරීමට නියමිත බල හුවමාරුව ආරම්භ කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළ කර තිබෙනවා.
සිදුවන බල හුවමාරුව පිළිබද ෆෙඩරල් ඒජන්සිය පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වන විට සිදුවීමට අවශ්‍ය සියලුම ක්‍රියාවන් මෙහිදී අධීක්ෂණයට ලක්වනවා. මිචිගන් ප්‍රාන්තයේ මැතිවරණ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට හිමි වූ බව නීත්‍යානුකූලව තහවුරු කිරීමත් සමගයි ට්‍රම්ප් බල හුවමාරුව සදහා එකගතාව පළ කළේ. මැතිවරණ ප්‍රතිඵලවලට විරුද්ධව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය ඉදිරියේ ගොනු කළ පෙත්සම් ද විභාගයකින් තොරව නිශ්ප්‍රභ කෙරුණා. ඒ අනුව තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් ජනවාරි විසි වන දින ඇමෙරිකාවේ හතලිස් හය වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.
The post ජෝ බයිඩ්න් සමඟ බල හුවමාරුව ආරම්භ කිරීමට ට්‍රම්ප් එකඟ වෙයි appeared first on ITN News.
Post a Comment